සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි දෙවන T20 තරගය මීට සුළු මොහොතකට පෙර ජයග්‍රහණය කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුණා.
ඒ ලකුණු 83කින්.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 177ක්.
ඒ අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් 178ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 94ක් පමණයි.
(crictimes.lk)