සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එකදින තරගය මේ වන විට නුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව මේ වන විට තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත්වුණා.
මේ අතර මෙහිදී නායක චරිත් අසලංක සිය 17වන එක්දින අර්ධ ශතකය වාර්තා කළා.
(crictimes.lk)