19 August 2025


වසර 7කට පසු සිංහ ධේනුවන්ට විශිෂ්ට ජයක්



තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් සටනේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව අද (04) පැවති තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 7ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත්වුණා.

මෙය වාර්තා අතර එක්වුණේ වසර 7කට පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් එක්දින තරගයකදී ඉන්දියාව පරාජය කළ පළමු අවස්ථාව ලෙසයි.

ශ්‍රී ලංකාව විසින් අවසන් වරට ඉන්දියාව 2018 වසරේදී පරාජය කර තිබුණා.

(colombotimes.lk)