2020 වසරේ සිට මේ දක්වා ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඉහළම පිතිකරණ සාමාන්‍යයක් රඳවාගත් කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත් වී තිබෙනවා.
ඒ මෙම කාලය තුළ 32.17ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගනිමින්.
එම ලැයිස්තුවේ දෙවන ස්ථානය ඕස්ට්‍රේලියා කණ්ඩායමත් තෙවන ස්ථානය නවසීලන්ත කණ්ඩායමත් හිමි කරගෙන තිබෙනවා.
ඔවුන් පිළිවෙළින් 32.03ක සහ 31.84ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මෙම ලැයිස්තුවේ හිමි වී තිබෙන්නේ 12වන ස්ථානයයි.
2020 වසරේ සිට මේ දක්වා ඔවුන්ගේ පිතිකරණ සාමාන්‍යය 21.83ක් ලෙස සඳහන් වනවා.
(CRICTIMES.LK)