19 October 2025


එංගලන්තයට එරෙහි සටනේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට



2025 එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත - ශ්‍රී ලංකා තරගය අද පැවැත්වෙනවා.

ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මේ වන විට මෙම තරගාවලියට අදාළව තරග 2කට සහභාගී වී තිබෙනවා.

එහිදී ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති තරග ඔවුන් පරාජයට පත් වූ අතර ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට එරෙහි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට 7වන ස්ථානය හිමි වී තිබෙනවා.

මෙම තරග පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතව තිබුණත් අයහපත් කාලගුණය හේතුවෙන් තරගය පස්වරු 3.15ට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. 

(CRICTIMES.LK)