2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගය ඊයේ (21) පැවැත්වුණා.
ඒ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිවයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 187ක් රැස් කළා.
රාජස්ථාන් වෙනුවෙන් පන්දු යැවීමේදී සිය පන්දුවාර 4 ලකුණු 27කට සීමා කරමින් එක් කඩුල්ලක් බිඳ දැමීමට වනිඳු හසරංග සමත්වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කළා.
(crictimes.lk)