24 June 2025


කසුන්ගෙන් සුපිරි පන්දු යැවීමක්



එංගලන්තයේ පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලියේ (County Championship Division One) සරේ කණ්ඩායමට එරෙහිව එසෙක්ස් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 5ක් දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එසෙක්ස් කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 217ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස සරේ කණ්ඩායමට රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 279ක්.

එහිදී සරේ එසෙක්ස් කණ්ඩායම වෙනුවන් පන්දු යැවීමේදී කසුන් ලකුණු 87කට කඩුලු 5ක් ලබා ගැනීමට සමත්වුණා.

(colombotimes.lk)