එංගලන්ත ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලියේ Northamptonshire හා Glamorgan කණ්ඩායම් අතර තරගය පෙරේදා (16) ආරම්භ වුණා.
එහිදී Glamorgan කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී විශිෂ්ට දක්ෂතාවයක් ප්‍රදර්ශනය කිරීමට අසිත ප්‍රනාන්දු සමත්වී තිබෙනවා.
Cardiffහීදී පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් Northamptonshire කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 185ක් රැස් කළා.
එහිදී අසිත පන්දුවාර 11.2ක් යොමු කරමින් කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 28ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.
(crictimes.lk)