21 October 2025


තීරණාත්මක අවසන් තරගය අදයි




සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය අද (08) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සනවිත එක්දින තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

එමෙන්ම තරගාවලියේ දෙවන තරගය බංගලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කළා.

ඒ අනුව අද පැවැත්වෙන 3වන තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම තරගාවලියේ ජය තරග 2 - 0ක් ලෙස තමන් සතු කරගන්නවා.

(CRICTIMES.LK)