24 June 2025


ඉන්දු - පාකිස්ථාන යුධ ගැටුම් මධ්‍යයේ PSL ගැන තීරණයක්



පාකිස්ථාන සුපර් ලීගයේ 10වන සංස්කරණයේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ ඉන්දියාව සහ පාකිස්ථානය අතර හටගෙන තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන්.

මෙවර තරගාවලියේ තරග 8ක් පැවැත්වීමට ඉතිරිව තිබෙනවා.

පාකිස්ථාන ක්‍රිකට් ආයතනය සඳහන් කළේ එම තරග සඳහා දිනයන් සහ ස්ථාන නියමිත වේලාවට නිල වශයෙන් තහවුරු කරන බවයි.

(crictimes.lk)