30 April 2025


වනිඳුගෙන් දක්ෂ පන්දු යැවීමක්



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (24) පැවති තරගය ලකුණු 11කින් ජයග්‍රහණය කිරීමට රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පාන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 205ක්.

එහිදී Virat Kohli ලකුණු 70ක් සහ Devdutt Padikkal ලකුණු 50ක් රැස් කළා.

පන්දු යැවීමේදී වනිඳු හසරංග සිය පන්දුවාර 4 ලකුණු 30කට සීමා කරමින් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්වුණා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 194ක් පමණයි.

එහිදී Yashasvi Jaiswal පන්දු 19කින් ලකුණු 49ක් සහ Dhruv Jurel ලකුණු 47ක් රැස් කළා.

කෙසේ වෙතත් මෙහිදී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගට රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 1ක් පමණයි.

(crictimes.lk)