ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2025 ජූලි 25වනදා සිට අගෝස්තු 25වනදා දක්වා 2025 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
මෙවර LPL තරගාවලිය පැවැත්වෙන්නේ 6වන වරටයි.
මාසයක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය දඹුල්ල, මහනුවර සහ කොළඹ ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් නිල තහවුරු කිරීමක් සිදු කර නැහැ.
(crictimes.lk)