ලක්නව් සුපර් ජයන්ට්ස් දඟ පන්දු යවන්නෙක් වන දිග්වේෂ් රාතිට ඔහුගේ තර්ග ගාස්තුවෙන් 50%ක දඩයක් ද නියම කර තිබෙනවා.
ඒ මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තුන්වන වරටත් IPL චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පසුගියදා පැවති තරගයේදී අභිෂේක් ෂර්මාව දවා ගැනීමෙන් පසුව මෙම සිදුවීම සිදුවුණා.
එහිදී පිතිකරුවා සමඟ වචන හුවමාරුවක් සිදු වූ බවයි වාර්තා වන්නේ.
මේ සමඟ රාති මෙම තරගවාරය සඳහා දඬුවම් ලකුණු 5ක් ලැබීම හේතුවෙන් එක තරග තහනමක් පනවා තිබෙනවා.
මෙම සිද්ධියට සම්බන්ධ වීම සම්බන්ධයෙන් අභිෂේක්ට 25%ක දඩයක් පනවා ඇති බවයි වාර්තා වන්නේ.
(crictimes.lk)