ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ටිකට්පත් අන්තර්ජාලය හරහා අලෙවි කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ www.srilankacricket.lk හරහා මෙම තරගාවලියේ ටිකට්පත් මාර්ගගතව මිලදී ගත හැකි බවයි.
මේ අතර කොළඹ විද්‍යා මාවතේ සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පෙ.ව 9.00 සිට ප.ව. 5.00 දක්වා කවුන්ටර විවෘතව පවතින බවයි වාර්තා වන්නේ.
පෙබරවාරි 07වනදා දින සිට එක්දින තරගාවලියේ ටිකට්පත් අලෙවි කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.
(crictimes.lk)