2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව ඊයේ (10) පැවති තරගය ජයග්‍රහණය කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වුණා.
ඒ කඩුලු 6කින්.
තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 163ක් වාර්තා කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 5ක් අවසනයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත්වුණා.
එහිදී KL රාහුල් පන්දු 53ක් පමණක් වැය කරමින් නොදැවී ලකුණු 93ක් රැස් කළා.