14 April 2025


වසර 128කට පසුව ක්‍රිකට් ඔලිම්පික් උළෙලට



ලොස් ඇන්ජලීස්හී පැවැත්වෙන 2028 ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් ඉසව්ව පිරිමි සහ කාන්තා කණ්ඩායම් 6 බැගින් ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) විධායක මණ්ඩලය විසින්.

මෙම තරගාවලි 2ම T20 ආකෘතියෙන් පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

2028 ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග පැවැත්වෙන ස්ථාන මෙතෙක් තහවුරු කර නොමැති අතර සම්පූර්ණ කාලසටහන ක්‍රීඩා උළෙලට ආසන්නව අවසන් කිරීමට නියමිතයි.

ඔලිම්පික් උළෙලකදී අවසන් වරටය ක්‍රිකට් තරග 1900 වසරේදී පවත්වා තිබෙනවා. 

(crictimes.lk)