18 April 2025


ටස්කින්ට තරගාවලියක් අහිමි වෙයි



සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා වන බංගලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

එහිදී ආබාධයක් හේතුවෙන් ටස්කින් අහ්මඩ්ට තරගාවලිය අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ලිටන් දාස් පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් මෙම ටෙස්ට් සංචිතයට නම් නොකිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර ටන්සිම් හසාන් සකිබ් පළමු වරට ටෙස්ට් සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

 
(crictimes.lk)