චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක රුතුරාජ් ගයික්වාඩ් IPL තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් කර තිබෙනවා.
ඒ ඔහුගේ වැලමිටේ අස්ථි බිඳීමක් හේතුවෙන්.
ඒ අනුව හිටපු ඉන්දීය නායක MS දෝනි තරගාවලියේ ඉතිරි තරග සඳහා CSK කණ්ඩායමේ නායකත්වය භාර ගන්නා බවයි වාර්තා වන්නේ.