14 April 2025


වසර 10කට පසු බැංගලෝර් පිලට ඉතිහාසගත ජයක්



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (07) පැවති තරගය ජයග්‍රහණය කිරීමට රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.

ඒ ලකුණු 12කින්.

වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 221ක දැවැන්ත ලකුණු පුවරුවක් වාර්තා කළා.

එහිදී විරාත් කෝලි ලකුණු 67ක් සහ රජත් පටිදාර් ලකුණු 64ක් රැස් කිරීමට සමත්වුණා.


පන්දු යැවීමේදී හර්දික් පාණ්ඩ්‍යා සහ ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2 බැගින් දවාගත්තා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 209ක් පමණයි.

මෙම තරගය වාර්තා අතරට එක්වුණේ වසර 10කට පසු මුම්බායි කණ්ඩායමට එරෙහිව වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බැංගලෝර් කණ්ඩායම තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙසයි.

(crictimes.lk)