14 April 2025


ගුජාරාට් හමුවේ මහීෂ් අසාර්ථක වෙයි



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (09) පැවති තරගය ජයග්‍රහණය කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.

ඒ ලකුණු 58කින්.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 217ක් වාර්තා කළා.

එහිදී Sai Sudharsan ලකුණු 81ක් Jos Buttler සහ M Shahrukh Khan ලකුණු 36 බැගින් රැස් කිරීමට සමත්වුණා.

රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 4 තුළදී ප්‍රතිවාදීන්ට ලකුණු 54ක් ලබා දෙමින් කඩුලු 2ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 159ක් පමණයි.

(crictimes.lk)