සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 3කින් පරාජයට පත්වීමට බංගලාදේශ කණ්ඩායමට ඊයේ (23) සිදුවුණා.
තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 191ක් පමණයි.
එහිදී Mominul Haque ලකුණු 56ක් සහ Najmul Hossain Shanto ලකුණු 40ක් රැස් කළා.
අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 273ක් වාර්තා කිරීමට සමත්වුණා.
සිම්බාබ්වේ වෙනුවෙන් Sean Williams ලකුණු 59ක් සහ Brian Bennett ලකුණු 57ක් රැස් කළා.
සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 255ක්.
එහිදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී Blessing Muzarabani ලකුණු 72කට කඩුලු 6ක් බිඳ දැමුවා.
මේ අනුව මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට සිය දෙවන ඉනිමේදී ලකුණු 174ක ඉලක්කයක් හිමිවුණා.
එම ඉලක්කය හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7ක් දැවී තරගය ජයග්‍රහණය කළා.
(crictimes.lk)