17 May 2025


චරිත්ටත් IPL දොර ඇරෙයි?



2025 IPL තරගාවලියේ ඉතිරි තරග සඳහා සිය සංචිතයට එක්වන ලෙස චරිත් අසලංකට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ආරාධනා කර ඇති බව වාර්තා වනවා.
 
කෙසේ වෙතත් අසලංක හෝ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු කර නැහැ.

මුම්බායි කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවහොත් ප්‍රධාන විදේශීය ක්‍රීඩකයින් වන දකුණු අප්‍රිකාවේ කෝබින් බොෂ් ​, රයන් රිකෙල්ටන් සහ එංගලන්තයේ විල් ජැක්ස් ඔවුන්ට අහිමි වන බවයි වාර්තා වන්නේ.

ඒ ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට සිදුවීම හේතුවෙන්.  

(crictimes.lk)