2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථාන කණ්ඩායම සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර තරගය අද (17) රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත් පාකිස්ථාන කණ්ඩායම මේ වන තෙක් තරගය පැවැත්වෙන ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයය වෙතට පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ.
එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායමේ ක්‍රීඩකයන් මේ වන විට ක්‍රීඩාංගනය වෙත පැමිණ තිබෙනවා.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති Mohsin Naqvi සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට අදාළව ICC නීති සහ ICC චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පාකිස්ථානය ICCයට පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි.
ඒ අනුව පාකිස්ථානය ආසියානු කුසලානයේ ඉතිරි තරග මඟහැරීමට සූදානම් බව නිල නොවන මාධ්‍ය වාර්තා පළවුණා.
(crictimes.lk)