24 June 2025


ඉන්දියාව ආසියානු කුසලානයෙන් ඉවත් වෙයිද? - තීරණය මෙන්න



ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි සදහා තම කණ්ඩායම සහභාගී නොකිරීමට තීරණය කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

එහි ලේකම් Devajit Saikia සදහන් කළේ ඒ සම්බන්ධයෙන් තවමත් කිසිදු සාකච්ඡාවක් සිය මණ්ඩලය තුළ සිදුවී නොමැති බවයි.

මෙම අවස්ථාවේදී සිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හා එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා පමණක් යොමු කර ඇති බව ඔහු කියා සිටියා.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය ඉන්දියාවේදී ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ජුනි මාසයේදී ආසියානු නැගී එන කණ්ඩායම් කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගාවලිවලට සිය කණ්ඩායමේ සහභාගීත්වය සම්බන්ධයෙන් වන කිසිදු තීරණයක් මෙතෙක් ආසියානු ක්‍රිකට් කවුන්සලයට තම මණ්ඩලය දැනුම් දී නොමැති බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.


(crictimes.lk)