අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන සහ අවසන් T20 තරගය ලකුණු 62කින් ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (15) සමත්වුණා.
එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 256ක් රැස් කළා.
එය වාර්තා අතරට එක්වුණේ T20 තරගයක කොදෙව් කණ්ඩායම රැස් කළ දෙවන ඉහළම මුළු ලකුණු සංඛ්‍යාව ලෙසයි.
එහිදී Evin Lewis පන්දු 44කින් ලකුණු 91ක් සහ නායක Shai Hope පන්දු 27කින් ලකුණු 51ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 194ක් පමණයි.
ඒ අනුව දෙරට අතර පැවති තරග 3කින් සමන්විත T20 තරගාවලිය 1 - 1ක් ලෙස සම සමව අවසන් වුණා.
(crictimes.lk)