අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය ලකුණු 197කින් ජයග්‍රහණය කිරීමට සංචාරක කොදෙව් කණ්ඩායම සමත්වුණා.
එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 385ක් රැස් කළා.
එහිදී Keacy Carty ලකුණු 170ක් සහ නායක Shai Hope ලකුණු 75ක් රැස් කරගත්තා.
මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමඟ අයර්ලන්ත කණ්ඩායම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් හිමිවූ ඉලක්කය පන්දුවාර 46ක් තුළ ලකුණු 363ක්.
එම ඉලක්කය හඹා ගිය අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 29යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 165ක් පමණයි.
මේ අනුව දෙරට අතර පැවති තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1 - 1ක් ලෙස අවසන් වුණා.