20 August 2025


වනිඳුට T20 තරගාවලිය අහිමි වන ලකුණු



බංගලාදේශයට එරෙහි පන්දුවාර 20 තරගාවලියට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයකට පත්වී තිබෙනවා.

ඒ ඔහු ඊයේ (08) බංගලාදේශය සමඟ පැවති තුන්වන එක්දින තරගයේදී පාදයේ මස්පිඩුවල ආබාධයකට ලක්වීම හේතුවෙන්. 

වනිදු හසරංග මේ වන විට MRI ස්කෑන් පරීක්ෂණයකට යොමුකර තිබෙනවා. 

ඒ අනුව ඔහුට බොහෝදුරට බංගලාදේශය සමඟ පැවැත්වෙන T20 තරගාවලිය අහිමි වන බවයි වාර්තා වන්නේ.

(crictimes.lk)