වනිඳු හසරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර කඩුලු 100 පසු කිරීමට අද සමත්වුණා.
ඒ මේ වන විට පැවැත්වෙන බංගලාදේශ - ශ්‍රී ලංකා පළමු එක්දින තරගයේදීයි.
මෙම කඩයිම පසු කිරීම සඳහා ඔහු වැය කළ තරග සංඛ්‍යාව 64ක්.
ජාත්‍යන්තර එක්දින කඩුලු 100 වේගයෙන්ම ලබා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට මේ වන පත්වී තිබෙන්නේ අජන්ත මෙන්ඩිස්.
ඔහු මෙම කඩයිම පසු කිරීම සඳහා තරග 63ක් වාර්තා කර තිබෙනවා.
තරග 68ක් තුළ කඩුලු 100 ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය ලසිත් මාලිංග හිමි කරගෙන තිබුණා.
කෙසේ වෙතත් වනිඳු මෙම කඩයිම තරග 64කදී පසු කිරීමත් සමඟ ඔහු දෙවන ස්ථානය හිමි කරගෙන තිබෙනවා.
(CRICTIMES.LK)