24 June 2025


වනිඳු - මහීෂ් යළි අසරණ වෙයි



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (04) පැවති තරගය එක් ලකුණකින් තියුණු ලෙස ජයග්‍රහණය කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 206ක් රැස් කළා.

එහිදී ඇන්ඩ්‍රේ රසල් පන්දු 25ක් පමණක් වැය කරමින් නොදැවී ලකුණු 57ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් දවා ගත්තද ඔහු දැඩි ප්‍රහාරයකට ලක්වුණා.

ඒ අනුව ඔහුගේ පන්දුවාර 4 තුළදී ප්‍රතිවාදී කොල්කටා කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 41ක්.

එමෙන්ම වනිඳු හසරංගගේ පන්දුවාර 4 තුළදී ප්‍රතිවාදීන් ලකුණු 35ක් ලබාගෙන තිබෙනවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 205ක් පමණයි.

මෙහිදී රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු නොලබා දැවී ගියා.

(colombotimes.lk)