24 June 2025


වනිඳු මහීෂ් අසාර්ථක වෙයි - දිල්ලි කණ්ඩායමට සුපිරි පන්දුවාරයක ජයක්



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (16) පැවති තරගය ජයග්‍රහණය කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වුණා.

ඒ සුපිරි පන්දුවාරයකින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 188ක් රැස් කළා.

එහිදී Abishek Porel ලකුණු 49ක් සහ KL Rahul ලකුණු 38ක් රැස් කරගත්තා.

රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූ ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් දවා ගත්තද මෙම තරගයේදී ඔවුන් අසාර්ථක වුණා.

ඒ අනුව මහීෂ්ගේ පන්දුවාර 4 තුළදී ප්‍රතිවාදී දිල්ලි කණ්ඩායම ලකුණු 40ක් ලබාගත් අතර වනිඳු හසරංගගේ පන්දුවාර 4 තුලදී ප්‍රතිවාදීන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 38ක්.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායමටද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 188ක් රැස් කළා.

ඒ අනුව තරගයේ ජයග්‍රාහී කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සමත්වුණා.

එහිදී පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායමට පන්දු 5ක් අවසානයේ නියමිත කඩුලු 2 දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 11ක් පමණයි.

අනතුරුව දිල්ලි කණ්ඩායම පන්දු 4ක් පමණක් වැය කරමින් තරගය ජයග්‍රහණය කළා.

(crictimes.lk)