21 April 2025


වනිඳු මහීෂ් දක්ෂතා අතරට



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (19) රාත්‍රියේ පැවති තරාගය ජයග්‍රහණය කිරීමට ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායම සමත්වුණා.

ඒ ලකුණු 2කින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් වාර්තා කළා.

එහිදී Aiden Markram ලකුණු 66ක් සහ Ayush Badoni ලකුණු 50ක් රැස් කිරීමට සමත්වුණා.

පන්ද්දු යැවීමේදී  වනිඳු හසරංග ලකුණු 32කට කඩුලු 2ක් බිඳ දැමුවා.

එමෙන්ම ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 3 ලකුණු 31කට සීමා කිරීමට සමත්වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 178ක් පමණයි.

(crictimes.lk)