බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගය ජයග්‍රහණය කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්වුණා.
ඒ ලකුණු 77කින්.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 244ක් රැස් කළා.
එහිදී නායක චරිත අසලංක ලකුණු 106ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 45ක් රැස් කිරීමට සමත්වුණා.
බංගලාදේශය වෙනුවෙන් පන්දු යැවීමේදී ටස්කින් අහමඩ් කඩුලු 4ක් සහ තන්සිම් හසන් සකිබ් කඩුලු 3ක් දවාගත්තා.
අනතුරුව ලකුණු 245ක ඉලක්කයක් හඹායාම සඳහා සිය දෙවන ඉනිම සඳහා බංගලාදේශය සාර්ථක ආරම්භයක් ලබා ගත්තා.
කෙසේ වෙතත් මෙම තරගයේ තීරණය උඩුයටිකුරු වුණේ වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් තරගයට අවතීරණ වීමත් සමඟයි.
ඒ අනුව බංගලාදේශ කණ්ඩායමට පන්දුවාර 35යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 167ක් පමණයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් සහ කමිඳු මෙන්ඩිස් 19කට කඩුලු 3ක් දවා ගැනීමට සමත්වුණා.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර කඩුලු 100 පසු කිරීමට වනිඳු හසරංග සමත්වුණා.
(CRICTIMES.LK)