23 June 2025


WTC අවසන් මහා සටන අද ඇරඹෙයි



ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය අද (11) දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. 

මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙහිදී ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැට් කමින්ස්ට සහ දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙම්බ බව්මාට හිමි වී තිබෙනවා. 

පළමු වරට 2021 වසරේ පැවති ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරයන් බවට පත්වීමට කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

අනතුරුව 2023 වසරේ පැවති ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරයන් වෙමින් ඕස්ට්‍රේලියා කණ්ඩාම මේ වන විට වත්මන් ටෙස්ට් ලෝක ශූරයන් බවට පත්වී තිබෙනවා. 


(crictimes.lk)