ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ඊයේ (11) දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර ආරම්භ වුණා.
ඒ ලෝඩ්ස් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායමට සියලුදෙන දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකණු 212ක් පමණයි.
එහිදී Beau Webster ලකුණු 72ක් සහ Steven Smith ලකුණු 66ක් රැස් කළා.
අනතුරුව සිය පළමු ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු දිනය සඳහා ඊයේ (11) තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 43ක් රැස් කරගෙන සිටියා.
මේ වන විට දකුණු අප්‍රිකා කණ්ඩායම ඕස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා ලකුණු 169ක් පිටුපසින් රැඳී සිටිනවා.
තරගයේ දෙවන දිනය අද (12) පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.
(crictimes.lk)