ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ තුන්වන දිනය අද (13) පස්වරු 3.00ට ඓතිහාසික ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මෙම තරගයේදී පිතිකරුවන්ව සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට දකුණු අප්‍රිකාවේ මෙන්ම ඕස්ට්‍රේලියාවේ වේග පන්දු යවන්නන් සමත්වුණා.
තරගය දෙවන දිනය සඳහා ඊයේ (12) නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 144ක් රැස් කරගෙන සිටියා.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරාධනයෙන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 212ක් රැස් කළා.
අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 138ක් පමණයි.
ඒ අනුව මේ වන විට ඕස්ට්‍රේලියා කණ්ඩායම දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 218ක් ඉදිරියෙන් රැඳී සිටිනවා.
(crictimes.lk)