2025 අසියානු කුසලානය එළඹෙන සැප්තැම්බර් 09වනවා සිට 28වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන්.
එහි තරග පැවැත්වෙන ක්‍රීඩාංගන සම්බන්ධයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන පරිදි ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශයට එරෙහි තරගයත් ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයත් අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම එහි මූලික වටයේ ක්‍රීඩා කරන අවසන් තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ආසියානු ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කළේ මූලික වටයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයත් අවස මහා තරගයත් ඩුබායි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බවයි.
(crictimes.lk)