බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති 3වන T20 තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 214ක් රැස් කළා.
එහිදී නායක ශේ හෝප් නොදැවී ලකුණු 102ක් ලබා ගත්තා.
ඒ සමඟ ඔහු ටෙස්ට්, එක්දින සහ T20 යන ආකෘති 3හිම ශතක රැස් කරගත් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට එක්වීමට සමත්වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 16යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කළා.
එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ ටීම් ඩේවිඩ් පන්දු 37කින් ලකුණු 102ක් රැස් කිරීමට සමත්වුණා.
ඒ අනුව ඔහු වාර්තා අතරට එක්වුණේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වේගවත්ම T20 ශතකය රැස් කළ ක්‍රීඩකයා ලෙසයි.