ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර නවතම T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්වී තිබෙනවා.
ඒ පසුගියදා නිමාවූ බංගලාදේශ තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.
ඒ අනුව ඔහු 16වන ස්ථානයේ සිට 13 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ශ්‍රේණිගත කිරීම්වල 9වන ස්ථානය හිමි කරගෙන සිටි මහීෂ් තීක්ෂණ 11වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.
(COLOMBOTIMES.LK)