2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (25) පැවති තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 154ක්.
සන්රයිසස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් රවින්ද්‍ර ජඩේජාගේ කඩුල්ල ලබා ගැනීමට සමත්වුණා.
එමෙන්ම ඔහු Dewald Brevisගේ උඩ පන්දුව විශිෂ්ඨ ලෙස රැකගත් අතර එය ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ අවදානය දිනාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කළා.
එහිදී සන්රයිසස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය කමිඳු මෙන්ඩිස් පන්දු 22කින් නොදැවී ලකුණු 32ක් ලබාගත්තා.
(crictimes.lk)