2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා පන්ජාබ් කිංග්ස්, ගුජරාට් ටයිටන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් සිය කණ්ඩායම සඳහා ආදේශක ක්‍රීඩකයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම Lockie Ferguson වෙනුවට ආදේශ කර තිබෙන්නේ Kyle Jamieson.
ඔහු රුපියල් කෝටි 2කට පන්ජාබ් කණ්ඩායම සමඟ එක්වන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ජොස් බට්ලර් ජාතික රාජකාරි සඳහා පිටත්ව යාම හේතුවෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කුසල් මෙන්ඩිස්ව සිය කණ්ඩායම එක්කර ගෙන තිබෙනවා.
ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම මායන්ක් යාදව් වෙනුවට නවසීලන්ත වේග පන්දු යවන්නෙකු වන William O’Rourke කණ්ඩායමට එක්කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(crictimes.lk)