21 October 2025


ආසියානු කුසලානය අදින් ඇරඹෙයි



2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (09) අබුඩාබිහීදී ආරම්භ වනවා. 

එය පස්වරු 8.00ට ආරම්භ වීමට නියමිතයි. 

තරගාවලියේ පළමු තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර පැවැත්වෙනවා. 

මෙම තරගාවලියේදී කණ්ඩායම් 8ක් කාණ්ඩ 02ක් යටතේ තරග වැදීමට නියමිතයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩය යටතේ තරගවදින අතර ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය සහ හොංකොං එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් ලෙස තරගවැදීමට නියමිතව තිබෙනවා.   

ඉන්දියාව, පාකිස්ථානය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය A කාණ්ඩය යටතේ තරගවැදීමට නියමිතයි. 

(crictimes.lk)