2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවති තරගවලදී වැඩිම ලකුණු රැස් කළ 3වන පිතිකරුවා බවට පත්වීමට මුම්බායි කණ්ඩායම නියෝජනය කරන සූර්ය කුමාර් යාදෙව් සමත් වී තිබෙනවා.
ඒ ඊයේ (23) සන්රයිසස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ලකුණු 40ක් රැස් කිරීමත් සමඟයි.
මේ වන විට සූර්ය කුමාර් යාදෙව් 2025 IPL තරගාවලියේදී ලකුණු 373ක් රැස් කර තිබෙනවා.
මීට පෙර ලකුණු ලකුණු 356ක් ලබා ගනිමින් ගුජරාට් කණ්ඩායම නියෝජනය කරන ජෝස් බට්ලර් එහි 3වන ස්ථානය හිමි කරගෙන තිබුණා.
ගුජරාට් කණ්ඩායමේ සායි සුදර්ශන් 2025 IPL තරගාවලියේ මෙතෙක් පැවති තරග තුළදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා බවට පත්වී තිබෙනවා.
ඔහු තරග 8කට මුහුණ දෙමින් රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 417ක්.
(crictimes.lk)