ඉන්දීය T20 නායක සූර්යකුමාර් යාදෙව් හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ පනවා තිබෙනවා.
ඒ පසුගිය සැප්තැම්බර් 14වනදා පාකිස්ථානයට එරෙහිව පැවති තරගය ජයග්‍රහණයන් කිරීමෙන් අනතුරුව ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති වූ හමුදා ගැටුමට අදාළව කළ ප්‍රකාශය හේතුවෙන්.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ එහිදී ඔහු ICC ආචාර ධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු වූ බවයි.
ඒ අනුව සූර්යකුමාර් යාදෙව්ට ඔහුගේ තරග ගාස්තුවෙන් 30%ක දඩයක් නියම කර තිබෙනවා.
(COLOMBOTIMES.LK)