IPL තරග වාරයක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම හයේ පහර සංඛ්‍යාව එල්ල කළ පිතිකරුවා ලෙස සූර්ය කුමාර් යාදෙව් වාර්තා අතරට එක්වී තිබෙනවා.
ඒ මෙවර තරගාවලියේදී හයේ පහර 32ක් එල්ල කිරීමත් සමඟයි.
මීට පෙර වසර 17ක් පුරා මෙම වාර්තාව ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු සනත් ජයසූරිය විසින් හිමි කරගෙන තිබුණා.
ඒ 2008 වසරේදී මුම්බායි කණ්ඩායම වෙනුවෙන් හයේ පහර 31ක් වාර්තා කරමින්.