සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති පළමුව එක්දින තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) සමත් වුණා.
ඒ ලකුණු 7කින්.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 298ක් රැස් කිරීමට සමත්වුණා.
එහිදී පැතුම් නිස්සංක කමිඳු මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ අර්ධ ශතක වාර්තා කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 291ක් පමණයි.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 2කින් සමන්විත එක්දින තරගාවලියේ පෙරමුණ හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සමත් වී තිබෙනවා.
(crictimes.lk)