සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය මේ වන විට හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ නියමි පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 277ක් රැස් කිරීමට සමත් වුණා.
මේ වන විට ලකුණු 278ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක අර්ධ ශතකයක් රැස් කළා.
ඔහු දෙරට අතර පැවැති පළමු එක්දින තරගයේදීද අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුණා.