දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන කාන්තා එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ඊයේ (27) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.
ඒ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවති තරගයෙන්.
මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමඟ එක් ඉනිමක් පන්දුවාර 39කට සීමා කිරීමට තරග විනිසුරුවරුන් තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහාරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 38යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 147ක් පමණයි.
එහිදී හසිනි පෙරේරා ලකුණු 30ක් සහ කවීෂා දිල්හාරි ලකුණු 25ක් රැස් කළා.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 29යි පන්දු 4ක් අවසනයේ එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කිරීමට සමත්වුණා.