24 June 2025


ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට දැවැන්ත ජයක්



කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව අද (02) පැවති තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.

ඉන්දියාව, දකුණු අප්‍රිකා සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන මේ අතරගවලියේ ශ්‍රී ලංකාව වාර්තා කළ පළමු ජයග්‍රහණය මෙයයි.

අද පැවති තරගයේ පළමුම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 235ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 46යි පන්දු 3ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී තිබියදී තරගය ජයග්‍රහණය කළා.

එහිදී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 77ක් හා කවීෂා දිල්හාරි ලකුණු 61ක් රැස් කිරීමට සමත් වුණා.

ඔවුන් දෙදෙනා 4වන කඩුල්ලට ලකුණු 128ක සබඳතාවක් පැවැත්වූ අතර එය ශ්‍රී ලංකාව වෙනුවෙන් 4වන කඩුල්ලට ගොඩනැගූ හොඳම ලකුණු සබඳතාව බවයි වාර්තා වන්නේ.
 
(crictimes.lk)