21 October 2025


කමිඳුගේ ප්‍රවේගකාරී පිති හරඹයෙන් ශ්‍රී ලංකාව තියුණු ජයක්



සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති පළමු T20 තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්වුණා. 

ඒ කඩුලු 4කින්. 
 
තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් රැස් කිරීමට සමත්වුණා. 

එහිදී Brian Bennett පන්දු 57කින් පන්දු 81ක් රැස් කළා. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 3ක්, දුශාන් හේමන්ත, මහීෂ් තීක්ෂණ සහ නුවන් තුෂාර එක් කඩුල්ල බැඟින් බිඳ දැමුවා. 

ලකුණු 176ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 55ක් වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත්වුණා. 

එමෙන්ම කුසල් මෙන්ඩිස් ලකුණු 38ක්, ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය කමිඳු මෙන්ඩිස් පන්දු 16කින් ලකුණු 41ක් සහ දුෂාන් හේමන්ත පන්දු 9කින් ලකුණු 14ක් රැස් කළා. 

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත T20 තරගාවලිය තරග 1 - 0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සමත් වී තිබෙනවා.

(crictimes.lk)