ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ හිටපු ප්‍රධාන පුහුණුකරු ටිම් බූන් මාසයක කාලයක් වෙනුවෙන් පුහුණුකරුවෙක් සහ ඉහළ කාර්යසාධන උපදේශකයෙක් ලෙස පත් කර තිබෙනවා.
ඒ පසුගිය 8වනදා සිට බලපැවැත්වෙන පරදියි.
ඔහුගේ ධූර කාලය තුළ ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායමේ, කාන්තා ‘ඒ’ කණ්ඩායමේ, පිරිමි නැගී එන කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායමේ පිතිකරණ කුසලතා වැඩි දියුණු කරීමට සැලසුම් කර තිබෙනවා.
බූන් එංගලන්ත 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.